Saturday, January 23, 2010

එනිඩ් බ්ලයිට්න්...


20වන සියවසේ ලොව පහල වූ ජනප්‍රියම ලමාකතා ලේකිකාව එනිඩ් බ්ලයිට්න් කිව්වොත් නිවැරදියි.
ලෝකය පුරා ලමයින්ගේ ආදරය දිනූ සෙන්ට් ක්ලෙයර්ස්- අපූරු ඉස්කෝලෙ, මැලෝරි ටවර්ස්, ෆේමස් ෆයිව්, වැනි ලමා කතා සහ යොවුන් කතා ලිව්වේ ඇයයි. ඊට අමතරව තවත් ලමා පොත් 800ක් පමණ ඇය රචනා කලා. එම පොත් අද වන විට ලෝකයපුරා භාශා 90 කට පමණ පරිවර්තනය වී ඇත. වර්ශ 1897 අගෝස්තු 11 වන දා, එංගලන්තයේ දකුනු දිග ලංඩනයේ උපන් මේ ලේකිකාවගේ සම්පූර්ණ නම එනිඩ් මේරි බ්ලයිට්න්. ඇය මුල් කාලයේදී මේරි පොලොක් යන නමිනුත් කතන්දර ලිව්වා... ඇයගේ මුල්ම පොත වූ චයිල්ඩ් විස්පර්ස් ප්‍රකාශයට පත්වූයේ 1922 දීය්1968 වසරේදී ඇය මිය යන විට ඇයගේ පොත් මිලියන 600කටත් වඩා අලෙවි වී තිබුනා. තවමත් ඇයගේ ලමාකතා ලොව පුරා ප්‍රචලිතයි.